Best Practices

 ඇසෙ මධුර ගී 

ගී රසවින්දනය ම නොව විවිධ භාෂාවන් පිලිබදව අවධානය යොමු කරලීමට අවස්ථාව  සලසා දෙමින් සෑම දිනකම උදැසන පාසල් ආරම්භයට පෙර  ළමා මෙන්ම වැඩිහිටි තරුණ දරුවන්ගේ සිත් සනසාලන ගීත වාදනය කරනු ලැබේ. මේ ගීත අතර සිංහල, දෙමළ, ඉංග්‍රීසි, ජපන්, කොරියානු මෙන්ම ප්‍රංශ , ස්පාඤ්ඤ ගීත ද වේ. 

My Wardrobe 

නගරාසන්න වුවත් රැකියා සදහා සංක්‍රමණය වූ දෙමාපියන්ගේ දරුවන් බහුලව සිටින අප පාසලේ දරුවන් දරිද්‍රතාවයෙන් පිඩා විදිති. නිල ඇදුම් පමණක් නොව වෙනත් ඇදුම් පැළදුම් සදහා වියදම කිරීමට මිල මුදල් සපයා දීමට දෙඅමපියන්ට නොහැකිය. ඒ සදහා පිලියමක් ලෙස ගුරු විවේකාගාරයේ ඇදුම් අල්මාරියක් තබා ඇත.   ඕනෑම දරුවකුට තමාට අවශ්‍ය ඇදුමක් එයින් තෝරා ගත හැක.ඇදුම් අල්මාරිය පිරවීම ගුරුවරුන් විසින් කරනු ලැබේ. ගුරු විවේකාගාරය විවේක කාලයට පමණක් ගුරුවරුන් භාවිතා කරන බැවින් දරුවන්ගේ අභිමානයට ද හානියක් නොවේ.

Post a Comment

Previous Post Next Post