2025 දී මගේ සිහින පාසල
දැයේ දරු දැරියන්ට ඉගෙනීමට තෝතැන්නක් නිර්මාණය කිරීම මගේ මූලික අරමුණයි. ඒ යටතේ දරුවන්ට ඉගෙනීමට ඇති උනන්දුව වැඩි කරලීමේ අරමුණින් ප්‍රියජනක ආකර්ෂණීය පන්ති කාමර නිර්මාණය කරලීමට මම අදහස් කරමි. එමෙන්ම එළිමහන් පන්ති කාමරයක් නිර්මාණය කිරිමටත්, ආදර්ශ ගෙවත්තක්, ඔසු උයනක් ආදිය නිර්මාණය කර ඒවා පවත්වාගෙන යාමට දරුවන්ව යොමු කරලීමට අදහස් කරමි. ඒ තුලින් දරුවා ගහට කොළට පරිසරයට ආදරය කිරීම, ඒවා ආරක්ෂා කිරීමට යොමු කර කරලීම හා දරුවන්ගේ මානසික ආතතිය දුරලීමට කටයුතුකිරීම මෙන්ම පාසල් පරිසරය අලංකාරව පවත්වාගෙන යාම මූලික අරමුණයි.
එමෙන්ම පාසල සතුව ඇති විශාල ක්‍රීඩාංගනය වටා ආරක්‍ෂිත වැටක් ඉදිකරලීම මෙන්ම අනාරක්ෂිතව ඇති බැවුම් සහිත කොටසේ ගල් බැමි දමා ක්‍රීඩා නරඹන්නන්ට ප්‍රයෝජනයට ගත හැකි පරිදි පඩිපේලිද සකස් කර අවිධිමත්ව ඇති ක්‍රීඩාංගනය විදිමත්ව සකස් කරලීමට අදහස් කරමි. පාසල තුල ඇති ප්‍රවිෂ්ඨ මාර්ග තණ පිඩලි අතුරා, පන්තිකාමර වලට යාමට ඇති මාර්ග ගල් අතුරා දර්ශණීය ලෙස සකස් කිරීමට අදහස් කරමි.
එමෙන්ම 2025 වර්ෂය වනවිට දිවයිනේ විශිෂ්ඨතම පාසල් අතරින් එක පාසලක් බවට අපේ මේ කුඩා පාසල පත් කරලීමට මම බලාපොරොත්තු වෙමි.
Tags:
My School in 2025