ගුරු සිසු කැපකරු ක්‍රමය

 අරමුණ 

අ.පො.ස. (සා.පෙළ) සමත් ප්‍රතිශතය ඉහල නැංවීම 


ක්‍රියාවලිය 

අනාවරණ පරීක්ෂණයෙන් ලබාගත් ලකුණු පදනම් කරගෙන ගණිතය හා සිංහල විෂයට ලකුණු මට්ටම 35 ට වඩා අඩුවෙන් ලබාගත් සිසුන්, එක සිසුවෙක් එක ගුරුවරයෙකුට ලැබෙන පරිදි , තෝරාගත් ගුරු භවතුන් කණ්ඩායමකට භාර කිරීම .


පියවර 1 - ගුරු භවතුන් විසින් තමාට භාර කරන ලද ශිෂ්‍යයාගේ තොරතුරු පත්‍රිකාව සම්පූර්ණ කිරීම. 

පියවර 2 - වාර විභාගවල දී සියලු ම විෂයන්වලට ලබාගත් ලකුණු ලැයිස්තුවක් සකස් කිරීම.

පියවර 3 - ශිෂ්‍යායා අධීක්ෂණය කළ වාරතා සම්පූර්ණ කිරීම.

පියවර 4 - ගුරු සිසු කැපකරු ක්‍රමයටතොරාගත් සිසුන් සහ ගුරුවරුන් සඳහා වෙන ම WhatsApp සමූහයක් නිර්මාණය කිරීම.


විශේෂ කරුණු 

*මෙම වැඩසටහනේ දී ගුරු භවතුන් විසින් තමාට භාර දුන් ශිෂයාගේ ගැටලුවලට විසඳුම් ලබා දීම.

*මූල්‍යමය වශයෙන් ආධාර කිරීම.

*ඉගෙනුම් වැඩසටහන්වලට යොමු කිරීම. 

*දරුවාගේ දෙමව්පියන් සමඟ සම්බන්ධතා පැවැත්වීම. 

*ඉගෙනුම් කටයුතුවලට අවශ්‍ය දිරිගැන්වීම දුරකථන මාර්ගයෙන් සිදු කිරීම. 

*ඔවුන් සඳහා වෙන ම මාර්ගගත ඉගෙනුම් සමූහයක් සකස් කර සරල ඉගෙනුම් ක්‍රම යොදා ගනිමින් ඉගෙනුම් කටයුතු සිදු කිරීම.

Post a Comment

Previous Post Next Post