2025 My Dream School



 2025දී මගේ සිහින පාසල ...



🎯 විනයවත් අධ්‍යාපනය රටේද දරුවන්ගේද මතු යහපතට හේතු වන බැවින් මගේ සිහින පාසල සැඟවුණු විෂයමාලාව ඉතා හොඳින් ක්‍රියාත්මක වන්නකි.
🎯 අසුන්ගත අධ්‍යාපනයට වඩා එලිමහන් ක්‍රියාකාරකම් එහිදී මූලික වන අතර පාසල් පිරියත හා පරිසරය ඒ සඳහා මහෝපකාරී වන ලෙස සකසා ඇත.
🎯 දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට පහසුකම් සැපයීමට දෙමාපියන් තාක්ෂණිකව දැනුවත් කෙරේ.
🎯 දිනපතා පොත්පත් පිරවූ බෑග ඔවුන් නිවසින් ගෙනඒම හා ගෙනයාම සිදු නොකරයි. ඔවුන්ට තම පොත්පත් පාසලේ තබා
ගැනීමට පහසුකම් සපයා ඇත.


🎯 දරුවන් අවට පරිසරය තමාගේ ස්ව කැමැත්තෙන් පිරිසිඳු කරයි. මනා පෙනුමකින් යුතු පිරිසිඳු පරිසරයක් එහි ඇත. 


🎯 සිසුන් පරිගණක විද්‍යාගාරය, විද්‍යාගාර... පුස්තකාලය ඇතුළු ස්ථාන ස්ථාන සිසුන් උපරිම ලෙස භාවිතා කරයි.




🎯 මගේ පාසල් දරුවන් නිවසේ සිටින කාලසීමාවට වඩා පාසල් කාලසීමාව ප්‍රියජනකව ගත කරයි. සති අන්තය උදානොවේ නම් මැනවැයි සිතයි.........

Post a Comment

Previous Post Next Post